**ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය අලුත් කරගන්නේ කෙසේද?**

 අයදුම්කරුවන්‌ විසින් රැගෙන ආයුතු ලේඛණ අනුපිළිවෙල පහත පරිදි වේ.

වැඩිහිටි අයදුම්කරුවන්

1. සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය K.35A අයදුම්පත්‍රය

2. ජායාරූපය සහිත රිසිට්පත

3. දම් පැහැති මුද්‍රාව සහිත උප්පැන්න සහතිකය

4. වලංගු ජාතික හැදුනුම්පතෙහි ජායා පිටපත සහ හැදුනුම්පත. ( හැදුනුම්පතක වලංගු කාලය අවුරුදු 10 ක් බැවින්  පරණ හෝ  මුහුණ හදුනාගැනීමට අපහසු හෝ පලුදු වූ හැදුනුම්පත් ඇත්නම් පැමිණීමට පෙර ඒවා අළුත් කරගෙන පැමිණිය යුතුය.) 

5. ගමන් බලපත්‍රයට රැකියාව ඇතුලත් කරන්නේ නම් ඒ සදහා තහවුරු කිරීමේ ලිපියක්

6. මීට පෙර ගමන් බලපත්‍රයක් තිබේනම් එහි ජායා පිටපතක් සහ එම ගමන් බලපත්‍රය

7. වලංගු ගමන් බලපත්‍රයක් අස්ථාන ගතවී ඇත්නම් පොලිස් පැමිණිලි පිටපත.

8. දරුවන් සදහා ගමන්බලපත්‍ර සැකසීමේදී දෙමාපියන් දෙදෙනාම පැමිණිය යුතු අතර පහත ආකෘතිය (No objection letter) සම්පූර්ණ කර රැගෙන ආ යුතුයි.

9. මව හෝ පියා විදේශගතව ඇත්නම් දරුවාට ගමන් බලපත්‍රයක් සෑදීම සදහා විරෝධයක් නොමැති බවට ලිපියක් සහ ඔහුගේ හෝ ඇයගේ ගමන් බලපත්‍රය එම රටෙහි පිහිටි තානාපති කාර්යාලයෙන් සහතික කර තිබිය යුතුය.

10.විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීම යනු නව විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමයි .පවත්නා විදේශ ගමන් බලපත්‍රයේ වලංගු කාලය දීර්ඝ කිරීම නොවේ .

11.👉👉වැඩි දුර විස්තර සිංහලෙන්


Read this in English

இதை தமிழில் படியுங்கள்





Comments

Popular posts from this blog

🏨 Tell world why your hotel is unique

Hikkaduwa Beach

Mirissa Beach